ශ්‍රී ලංකාවේ කෝපි වගාව...

 




බ්‍රිතාන්‍යයන් පැමිණීමට පෙර කෝපි ගෙවතු වගාවක් වශයෙන් පැවතුන ද එය වෙළඳ බෝගයක් වශයෙන් වගා නොකෙරුණි. 1822 වර්ෂයේ දී ජෝර්ජ් බර්ඩ් නැමැත්තා ගම්පොල සිංහල පිටියේදී ප්‍රථම වරට කෝපි වත්තක් ආරම්භ කළ බව පිළිගැනේ. ඉන් අනතුරුව 1824දී එඩ්වඩ් බාන්ස් ආණ්ඩුකාරවරයා විසින් ගන්නොරුවේ සිය පෞද්ගලික ඉඩමක කෝපි වත්තක් ආරම්භ කරන ලදී.





1848 පමණ වන විට මෙරට පැවති කෝපි වතු ප්‍රමාණය අක්කර 60 000 ඉක්මවීය.

මෙරට කෝපි වගාව දියුණුවට බලපෑ හේතු... 

  • යුරෝපීය රටවල කෝපි පානය ජනප්‍රිය වීම නිසා කෝපි වලට තිබූ ඉල්ලුම ඉහළ යාම හේතුවෙන් කෝපි වගාවෙන් විශාල වශයෙන් ලාභ ලැබීමට හැකි වීම.
  • අඩු වියදමකින් ඉතා උසස් තත්වයේ කෝපි මෙරට වගා කිරීමට හැකි වීම.
  • කෝල්බෲක් ප්‍රතිසංස්කරණවලින් පසු ව්‍යාපාරිකයන් විශාල ප්‍රමාණයක් කෝපි වතු ආරම්භ කිරීම.
  • මෙරටින් එංගලන්තයට අපනයනය කළ කෝපි වලට තීරු බදු අඩු කිරිම.
ශීඝ්‍රයෙන් වර්ධනය වූ මෙරට කෝපි වගාව 1848 පසු පරිහානියට පත් විය. ඒ සඳහා ද බලපෑ හේතු කිහිපයක් ඇත.
  • ජාවා වැනි අග්නිදිග ආසියානු රටවලින් යුරෝපීය වෙළෙඳපොළට කෝපි අපනයනය කිරීම නිසා ශ්‍රී ලංකාවේ කෝපි සඳහා ඉල්ලුම අඩුවීම.
  • 1848 න් පසු ඇති වූ ලෝක ආර්ථික අර්බුදයේ බලපෑම.
  • 1869 සිට හෙමලියා වෙස්ටර්ට්‍රික්ස් නම් දිලීර රෝගය වැළදීම නිසා කෝපි වතු විශාල ප්‍රමාණයක් විනාශ වීම.


උඩරට සහ පහත රට ස්වභාවික වනාන්තර වලින් වැසී පැවතුණු වන බිම් සහ සාම්ප්‍රදායික හේන් හා ගොවිබිම් කෙටි කලකින් වතු යායන් බවට පත්විය. ඒ අනුව ඉහත සඳහන් කළ කෝපි වගාව ද ආර්ථික බෝගයක් ලෙස මෙරට වතු වගාව තුළ දක්නට ලැබේ. එදා පටන් අද වන තෙක් මෙම කෝපි වගාව අප රට තුළ ශීඝ්‍රයෙන් පැතිරුණි.  අද වන විට මෙම කෝපි සඳහා වැඩි ඉල්ලුමක් මෙන්ම, කෝපි වලට ඉතා වටිනා තැනක් හිමිව ඇත

  D.M.O.A.මලලසේකර.

Comments