දෝන කතිරිනා හෙවත් කුසුමාසන දේවිය
හැඳින්වීම ,
මහනුවර රාජධානියේ විසූ එකම පිරිසිදු සිංහල රාජකීය ලේ උරුමයක් සහිත එකම බිසව වූයේ කුසුමාසන දේවිය හෙවත් දෝන කැතරිනා රැජිනයි.දෙවන රාජසිංහ රජුගේ සිට සිංහලයේ අවසන් රජු වූ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍ර සිංහ රජුන් ගේ අග බිසව වූයේ දකුණු ඉන්දීය ද්‍රවිඩ ජාතික බිසෝවරුන් ය.පසුව නායක්කර් වංශික රජවරුන්ගේ ද අග බිසව වූයේ ද්‍රවිඩ බිසෝවරුන් ය .
උඩරට රැජින
දිවිය,
මෙතුමියගේ පියා කරලියද්දේ බණ්ඩාර රජුය.පළමු වන රාජසිංහ රජු උඩරට ආක්‍රමණය කොට එවකට පැවති ප්‍රාදේශීය රාජ්‍ය තමා යටතට ගත්හ.පිළිවෙලින් කරලියද්දේ රජු ගේ ඥාති පුත්‍රයා,දියණිය හා ඥාති සොයුරෙකු වූ කොනප්පු බණ්ඩාර කුමරු රැකවරණය පතා පෘතුගීසීන් වෙත ගියහ.ඔවුන් තිදෙනා දොන් පිලිප් ,දෝන කැතරිනා,ඔස්ට්‍රියාවේ දොන් ජුවන් නමින් පෘතුගීසීන් ඉදිරියේ බෞතීස්ම වූහ .ඔවුන් තිදෙනා පෘතුගීසීන්ගෙන් සටන් පුහුණුව ලැබීය.
රාජ්‍ය සමය,
පසුව දොන් ජුවන් කුමරු පෘතුගීසීන්ගෙන් පලා ගොස් නැවත බුදු දහම වැළඳගෙන සේනාවක් සමඟගොස් පළමුවන රාජසිංහ රජු (සීතාවක රාජසිංහ රජු)පරදා උඩරට රාජධානිය අල්ලා ගෙන පළමුවන විමලධර්මසූරිය රජු නමින් රජ විය.මෙයින් දැඩි කෝපයට පෘතුගීසින් කරලියද්දේ රජු ගේ පුතු දොන් පිලිප් කුමරු ප්‍රමුඛ සේනාවක් රැගෙන උඩරට ආක්‍රමණය කළ හ. මෙම ආක්‍රමණයට සාර්ථක ව මුහුණ දුන් විමලධර්මසූරිය රජු ආක්‍රමණිකයන් පරදා පිලිප් රජු ද මරා දැමීය.තමන්ට සිදු වූ අන්ත පරාජය හමුවේ කෝපයට පත් පෘතුගීසීන් එවක රාජකීය ලේ උරුමයක් ඇති එකම තැනැත්තිය වූ දෝන කතිරිනා බිසව උඩරට රැජින ලෙස නම් කෙරිණ.මහජනයා ද රාජකීය උරුමය අනුව රාජ්‍යත්වයට පත් විය යුත්තේ දෝන කතිරිනා බව පිළිගත්හ.මෙයින් පසුබට නොවූ විමලධර්මසූරිය රජු ආක්‍රමණය කර කුසුමාසන දේවිය ජීවග්‍රහයෙන් අල්ලා ගෙන ඇයව විවාහ කරගෙන තම රාජකීය උරුමය ජනතාවට තහවුරු කළේය.කුසුමාසන දේවිය පළමු විමලධර්මසූරිය රජුගේ මෙන් ම ඔහුගේ ඥාතියෙකු වූ සෙනරත් රජුගේ ද අගමෙහෙසිය වෙමින් ඔහුගේ රාජ්‍ය උරුමය තහවුරු කළා ය.
සම්පූර්ණ නාමය
★කුසුම් අස්තාන දෝන කතිරිනා ලෝකනාථා මහ බිසෝ බණ්ඩාර
වංශය
★කෝට්ටේ රජ පවුල
රාජවංශය
★සිරි සඟ බෝ රාජ වංශය
පියා
★කරලියද්දේ බන්ඩාර රජු
මව
★ගල උඩ අස්ථාන දේවිය
රාජ්‍ය සමය
★1592-1592
උපත :15?? මරණය : ජූලි 1613


Comments
Post a Comment