දෝන කතිරිනා හෙවත් කුසුමාසන දේවිය
හැඳින්වීම , මහනුවර රාජධානියේ විසූ එකම පිරිසිදු සිංහල රාජකීය ලේ උරුමයක් සහිත එකම බිසව වූයේ කුසුමාසන දේවිය හෙවත් දෝන කැතරිනා රැජිනයි.දෙවන රාජසිංහ රජුගේ සිට සිංහලයේ අවසන් රජු වූ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍ර සිංහ රජුන් ගේ අග බිසව වූයේ දකුණු ඉන්දීය ද්‍රවිඩ ජාතික බිසෝවරුන් ය.පසුව නායක්කර් වංශික රජවරුන්ගේ ද අග බිසව වූයේ ද්‍රවිඩ බිසෝවරුන් ය . උඩරට රැජින දිවිය, මෙතුමියගේ පියා කරලියද්දේ බණ්ඩාර රජුය.පළමු වන රාජසිංහ රජු උඩරට ආක්‍රමණය කොට එවකට පැවති ප්‍රාදේශීය රාජ්‍ය තමා යටතට ගත්හ.පිළිවෙලින් කරලියද්දේ රජු ගේ ඥාති පුත්‍රයා,දියණිය හා ඥාති සොයුරෙකු වූ කොනප්පු බණ්ඩාර කුමරු රැකවරණය පතා පෘතුගීසීන් වෙත ගියහ.ඔවුන් තිදෙනා දොන් පිලිප් ,දෝන කැතරිනා,ඔස්ට්‍රියාවේ දොන් ජුවන් නමින් පෘතුගීසීන් ඉදිරියේ බෞතීස්ම වූහ .ඔවුන් තිදෙනා පෘතුගීසීන්ගෙන් සටන් පුහුණුව ලැබීය. රාජ්‍ය සමය, පසුව දොන් ජුවන් කුමරු පෘතුගීසීන්ගෙන් පලා ගොස් නැවත බුදු...



