ශ්‍රී ලංකාවේ පොල් වගාව
අපේ මාතෘකාව වන්නේ ශ්‍රී ලංකාවේ පොල් වගාව යි. පොල් වගාව යැයි පවසන විට මුලින්ම මතකයට නැගෙන්නේ පොල් ශාකය පිළිබඳව යි. මුලින්ම පොල් ශාකය පිළිබඳව විමසා බලමු.
පොල් ශාකය යනු තාල වර්ගයේ සාමාජිකයෙකි. පොල් ගසේ ඕනෑම කොටසක් ප්‍රයෝජනයට ගත හැකිය.
උදා- පොල් බීජය, ඵලය, කඳ ... ආදි
පොල් ගසට ඇත්තේ තන්තු මූල පද්ධතියකි.
දැන් අපි බලමු පොල් වගාව පිළිබඳව මෙන්ම තවත් පොල් ගැන විස්තර කිහිපයක්
බ්‍රිතාන්‍යයන් යටතේ වර්ධනය වූ භෝග වගාවකි පොල් වගාව. අතීතයේ සිටම පොල් වගාව දියුණු වූයේ බ්‍රිතාන්‍ය පාලන සමයේදී ය.දඹදෙණිය රාජ්‍ය සමයේ සිට කෝට්ටේ යුගය දක්වා කාලයේ පොල් වගාව ව්‍යාප්ත කීරීමට එවක පාලකයන් කටයුතු කර ඇත. නමුත් බ්‍රිතාන්‍යයන් විසින් අප රටේ පොල් විදේශ රට වලට අපනයනය කළේය.
1910 වසර වන විට හලාවත,ගම්පහ,කුරුණෑගල යන ප්‍රදේශ වල අක්කර 850000 පමණ භූමි ප්‍රමාණයක් වගා කර ඇත. පොල් වතුවල හිමිකරුවන් දේශීය ව්‍යාපාරිකයන් වූ අතර ඒවා අපනයනය සම්පූර්ණයෙන් සිදු කළේ විදේශ සමාගම් ය.
පොල් භෝගයද පොල් තෙල්, කොප්පරා, පුනක්කු ලෙස අපනයනය කර ඇත.
පොල් වගාවේ දියුණුව උදෙසා මෑත කාලයේදී ලුණුවිල පොල් පර්යේෂණ ආයතනය පිහිටුවා ඇත.
පොල් ආශ්‍රිත තවත් නිර්මාණ කිහිපයක් පහත දැක්වේ.
පොල් මල ආශ්‍රිත
☇විනාකිරි
☇පැණි
☇හකුරු
පොල් ඉරටු ආශ්‍රිත
ඉදල් නිෂ්පාදනය
පොල් කඳ ආශ්‍රිත
ලීකර්මාන්තය
පොල් කෙඳි
ලනු
කඹ
කොසු
පොල් කටු
හැදි
විසිතුරු භාණ්ඩ
පොල් මදය
සුවඳ සබන්
හිසතෙල්
ෂැම්පු
පහත දක්වාඇත්තේ ඉහත නිෂ්පාදන
වලට අදාළ පින්තූර කිහිපයකි
පොල් තෙල් ඉදල් නිෂ්පාදනය පොල් කටු හැඳිවිසිතුරු නිර්මාණඉහත ලිපිය හොඳින් කියවා අවබෝධ කරන්න
ස්තුතියි!
සැකසුම -දිල්මි සමරනායක
9A
C.C.C







Comments
Post a Comment