ජෝන් ඩොයිලි

                 





උපත හා ළමා කාලය

ජෝන් ඩොයිලි 1774 ජූනි එකොළොස් වැනි දින උපත ලැබීය. ළමා කළ වෙස්මිනිස්ටර් විදුහලේ ඉගෙනුම ලැබූ ඩොයිලි පසුව කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයට  තේරීපත්වියඔහු 1796 වර්ෂයේ දී තම ශාස්ත්‍රවේදී උපාධිය සම්පූර්ණ කළේ ය.

දක්ෂ සිවිල් සේවකයෙකු  ගේ ආගමනය 

       ඉන්  වසරකට පසු  ලංකාවට පැමිණි ඩොයිලි සිවිල් සේවයට   සම්බන්ධ විය . ඔහු මුල් වරට සේවය කළේ කොළඹ ප්‍රාදේශීය  අධිකරණයේපසුව 1803 දී මාතර උසාවියේ රාජකාරියේ නිරත වියසේවා කාලය තුළ වඩා කැපවී කටයුතු කිරීම සඳහා ඔහු දේශීය භාෂාව වූ සිංහල ඉගෙන ගත්  අතර සැබෑ සිංහලයෙකු  ලෙස හැඩ ගැසී සිටියේයසිරිත් විරිත් පවා සැබෑ ශ්‍රී ලාංකිකයෙකුගේ ගතිලක්ෂණ පෙන්නුම් කළේයඅති දක්ෂ බෞද්ධ භික්ෂුවක් වූ මාතර වෙහෙර පිට විහාරයේ වැඩ විසූ කරතොට ධර්මාරාම නාහිමියන්ගෙන් ඩොයිලි  සිංහල භාෂාව හා සාහිත්‍ය  මනා ලෙස ඉගෙන ගත්තේයඔහු මාතර දිසාපතිව සිටි අවධියේ දී ලංකා ඉතිහාසයේ ප්‍රකට කිවිඳියක වූ ගජමන් නෝනා සමග කවි ලිවීමේ පවා නිරත විය . ඔහුගේ බසෙහි විදග්ධ බව ඉන් පැහැදිලි වේමෙම මිත්‍රත්වය උදෙසා ඔහු ගිරුවාපත්තුවේ නෝනාගම ගම්වරය ගජමන් නෝනාට පිරිනැමීය

 

උඩරට රාජධානිය අත්පත් කරගැනීමේ මෙහෙයුම 



1812 
මාර්තු එකළොස් වන දින නව ආන්ඩුකාරවරයා  ලෙස රොබට් බ්‍රවුන්රිග්  පත්වීමෙන්   පසු කූට ලෙස උඩරට රාජධානිය අල්ලා ගැනීමට ඉංග්රීසියෙන් ඉතා වෙහෙස වී කටයුතු කළහ.මේ සඳහා ජෝන් ඩොයිල් ප්රධාන කාර්යභාරයක් ඉටු කළේය.බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයා සහ උඩරට රජු අතර සම්බන්ධතා ශක්තිමත් කළ අතර ජනතාව හා රජු බිදවීමේ කුමන්ත්‍රණයක්  ඩොයිලි දියත් කළ බව කියවේ

             1815 මාර්තු දෙවැනිදා උඩරට ගිවිසුම සම්පාදනය කර ඊට පහසුවෙන් රදළයින්ගේ අත්සන් ලබා ගැනීමටත් ඩොයිලි කටයුතු කළේය.මෙමගින් උඩරට රාජධානිය පහසුවෙන්ම එංගලන්තයේ යටත් විජිතයක් බවට පත් කර ගැනීමට හැකිවිය.ඉංග්‍රීසින්ට යුද්ධයකින් හෝ අත්පත් කර ගත නොහැකි වූ උඩරට රාජධානිය පහසුවෙන්ම යටත් කර ගැනීමට ජෝන් ඩොයිලි ගේ උපායශීලී බව හේතු විය.




සම්පාදනය-නවමිණ මෝක්ෂ ,9-C

 



 


Comments

  1. විහාරය වෙහෙරපිට නොව වෙහෙරගම්පිට විහාරයයි

    ReplyDelete

Post a Comment